Header

Sri Lanka Army

Defender of the Nation

18th July 2022 15:30:04 Hours

121 වන බලසේනාවේ භටපිරිස් දේවගිරි කඳුවැටියේ හදිසියේ ඇතිවූ ලැව් ගින්නක් මැඩපවත්වයි

වැල්ලවාය, මහගොඩයාය, දේවගිරි කඳුවැටිය ආශ්‍රිතව පසුගිය සෙනසුරාදා (16) දින හදිසියේ ඇතිවූ ලැව්ගින්නක් පිළිබඳ සැලවු වහාම ක්‍රියාත්මක වු 121 වන බලසේනාවේ භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී පැය කිහිපයක් තුළ එම ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළහ.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 121 වන බලසේනාවේ බලසේනාධිපතිගේ හා එම බලසේනාවට අයත් ඒකකයන්හී අණදෙන නිලධාරින්ගේ මඟපෙන්වීම මත භටපිරිස් විසින් ලැව්ගින්න රක්‍ෂිත වනාන්තරය පුරා ව්‍යාප්ත වීමට ප්‍රථම ජලය භාවිතා කර කඩිනමින් නිවාදැමීමට කටයුතු කළහ.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල විසින් මෙම ක්‍රියාන්විතය අධීක්‍ෂණය කරමින් ලැව්ගින්න මැඩපැවැත්වීම සඳහා අවැසි උපදෙස් භටපිරිස් වෙත ලබාදුන්නේය.