Header

Sri Lanka Army

Defender of the Nation

16th July 2022 19:10:16 Hours

68 වන සේනාංකයේ භටපිරිස්හී සම්බන්ධීකරණයෙන් තවත් ප්‍රජා සත්කාරක වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංක මූලස්ථානය වෙත පරිත්‍යාගශීලියෙකු විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත එම සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (9) දින මුත්තුමාරි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික දේව පූජාව සඳහා සහභාගි වූ බැතිමතුන් 600 දෙනෙකු වෙත පිසූ ආහාර වේලක් ලබාදුන් අතර, එම ප්‍රදේශයේ පෙර පාසල් අධ්‍යාපනය ලබන දරු දැරියන් 80 දෙනෙකු වෙත පාසල් උපකරණද පරිත්‍යාග කරන ලදී.

68 වන සේනාංකය යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් ප්‍රජා සත්කාරක වැඩසටහනක් ලෙස එම කෝවිලේ පූජකවරුන්ගේ සහ භාරකාර මණ්ඩලයේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය. යුද්ධ හමුදා භටපිරිස් විසින් බැතිමතුන් සඳහා පිරිනැමීමට නිර්මාංශික ආහාර පිසීමේ කටයුතු භාරගනු ලැබීය. මෙම වැඩසටහන් ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ සහ 68 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ගේ උපදෙස් හා මාර්ගෝපදේශ මත ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහන් සඳහා 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී ඇතුළු එම ඒකකයේ භටපිරිස් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුද එක්වූහ.