Header

Sri Lanka Army

Defender of the Nation

15th July 2022 14:28:35 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාව වෙත සිංහ සමාජයෙන් පැළ වර්ග පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රය හරිතකරණය කිරීමේ තවත් එක් අදියරක් ලෙස සිංහ සමාජය 306 - සී 1 වෙතින් එම කඳවුරු පරිශ්‍රයේ වගාකිරීම සඳහා තෙත් කලාපීය ශාක විශාල ප්‍රමාණයක් පිරිනැමීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ උපදෙස් මත එම කඳවුරු පරිශ්‍රය හරිත ශාක වගාවන්ගෙන් සමන්විත කිරීමේ ප්‍රයත්නය පිළිබඳ සැලවීමෙන් අනතුරුව සිංහ සමාජයේ දිස්ත්‍රික් සභාපති ගාමිණී කුමාරසිංහ මහතා විසින් පසුගිය සිකුරාදා (8) දින මෙම පළතුරු පැළ සංකේතාත්මකව මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා වෙත භාරදෙන ලදී.

මෙහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රය ආදර්ශ හරිත කඳවුරක් බවට පත්කිරීමේ අරමුණින් එම මූලස්ථානයේ භටපිරිස් ගෙවතු වගාව පිළිබඳ දැනුවත් කළ අතර එම කඳවුරු පරිශ්‍රයේ පරිසර පද්ධතිය හරිත සංකල්පයට අනුකූලව සකස් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රය අලංකාරවත් කිරීමේ වැඩසටහනේ තුන්වන අදියර වශයෙන් මෙම වැඩසටහන ආරම්භ කරන ලද අතර එහි රෝපණය කිරීම සඳහා කොස්, රඹුටන්, වෙරළු, මැංගුස් සහ අඹ යන ශාක වර්ග පරිත්‍යාග කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ව්‍යාපෘතියේ සභාපති මේජර් එල්.ටී. සමරතුංග (විශ්‍රාමික), හිටපු දිස්ත්‍රික් සභාපති අමල් පුස්සැල්ලගේ, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සෙසුනිලයන් සහ සිංහ සමාජ දිස්ත්‍රික් 306 - සී 1 හි සාමාජිකයින් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.