Header

Sri Lanka Army

Defender of the Nation

14th July 2022 17:51:47 Hours

12 වන සේනාංකයේ භටපිරිස්හී සම්බන්ධීකරණයෙන් හම්බන්තොට රෝහලට වෛද්‍ය උපකරණ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ‘PIMA UAE’ ආයතනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත පසුගිය අඟහරුවාදා (12) දින හම්බන්තොට රජයේ රෝහල වෙත වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරනු ලැබීය.

12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල විසින් එම වෛද්‍ය උපකරණ තොගය එම රෝහල් පරිශ්‍රයේදී හම්බන්තොට රජයේ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුරංග බස්නායක වෙත සංකේතාත්මකව භාරදෙන ලදී.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙසෙන සිවිල් වැසියන්ගේ සෞඛ්‍ය පහසුකම් ඉහල නැංවීමේ අරමුණින් 12 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන පරිත්‍යාගශීලීන් විසින් මෙම වෛද්‍ය උපකරණ තොගය පරිත්‍යාග කිරීම සඳහා ඉදිරිපත් විය.

මෙම වෛද්‍ය උපකරණ තොගය පරිත්‍යාග කිරීමේ අවස්ථාව සඳහා 12 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක්, හම්බන්තොට රෝහලේ පරිපාලන නිලධාරීන් ඇතුළු කිහිපදෙනෙක් සහභාගී වූහ.