Header

Sri Lanka Army

Defender of the Nation

15th July 2022 08:43:19 Hours

මුතියන්කඩ්ඩුකුලම් පාසල් සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ බෙදාදෙයි

පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 643 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 8 වන මධ්‍යම රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් පසුගිය සඳුදා (11) දින ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පිහිටි මුතියන්කඩ්ඩුකුලම් දකුණු ඉවුර පාසලේ සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කරනු ලැබීය.

මෙම ප්‍රජාමූලික ව්‍යාපෘතිය සඳහා 643 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රාජිත ප්‍රේමතිලක ගේ ඉල්ලීමකට අනුව සුරේන් මැල්කම් ද සිල්වා මහතා විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය හා 8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. එහිදී, පාසල් බලධාරින්ගේ සහයෝගය මත ප්‍රතිලාභි පාසල් සිසු සිසුවියන් හඳුනාගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 643 වන බලසේනාවේ බලසේනාධිපති, 8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි සහ පාසල් ගුරු භවතුන් කිහිපදෙනෙකු ද එක්වූහ.