Header

Sri Lanka Army

Defender of the Nation

12th July 2022 15:00:39 Hours

යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති යුද්ධ හමුදා ක්‍රීඩා සංවර්ධන කටයුතු පිළිබඳ සොයාබලයි

යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා පසුගිය සිකුරාදා (8) දින ටොරින්ටන් පිටියේ සංචාරයක නිරත වෙමින් ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංචිතය නියෝජනය කරන යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන පුහුණු සැසිවාරයන් පිළිබඳ පරික්ෂා කරනු ලැබීය.

එහිදී, පුහුණු සැසිවාරයන්වල නිරත වන යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ඔවුන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ චිත්ත ධෛර්යය වැඩිදියුණු කිරීම සඳහා සුහදව අදහස් හුවමාරු කරගත් අතර බලාපොරොත්තු වන ඉලක්ක කරා ළඟාවීම වෙනුවෙන් මෙවැනි පුහුණු සැසිවාරයන්හී වැදගත්කම පිළිබඳ පැහැදිලි කරන ලදී. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රභූ සංචිතය නියෝජනය කරනු ලබන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා විසින් යෝගා මෙට්ට පරිත්‍යාග කරනු ලැබිණි.

මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ ලේකම් සහ 581 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත නවරත්න, ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා ක්‍රීඩා නිලධාරි සංවර්ධන කමිටුවේ සභාපති ලුතිනන් කර්නල් සුජීව ප්‍රියන්තලාල් සහ යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සාමාජිකයින් ද එක්වූහ.