Header

Sri Lanka Army

Defender of the Nation

12th July 2022 15:12:39 Hours

ගැමුණු හේවා බලකායේ කර්නල් එම්.ඒ.ඩී.ආර්. මංගල ආර්එස්පී අභාවප්‍රාප්ත වේ

ගුවන් සංග්‍රාමික පුහුණු පාසල - නිකවැව සේනාවිධායක ලෙස කටයුතු කළ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන කර්නල් එම්.ඒ.ඩී.ආර්. මංගල ආර්එස්පී පසුගිය සඳුදා (11) දින දැඩි අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට හෙතෙම 49 වන වියේ පසුවිය.

වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකළ මානුෂිය මෙහෙයුම සාර්ථකව අවසන් කිරීමට විශේෂ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වශයෙන් සක්‍රීය දායකත්වය ලබාදුන් කර්නල් එම්.ඒ.ඩී.ආර් මංගල ආර්එස්පී පසුව ගැමුණු හේවා බලකාය වෙත අනුයුක්ත කෙරිණි.

අභාවප්‍රාප්ත කර්නල් එම්.ඒ.ඩී.ආර් මංගල ආර්එස්පී ගේ දේහය මේ වනවිට දොඩංගොඩ, නාගොඩ, සේදර ගුණතිලක වත්තේ පිහිටි එතුමන්ගේ නිවසේ තැන්පත් කර තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බදාදා (13) දින සවස 04.00 ට නාගොඩ, අටවිල වත්ත සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.