Header

Sri Lanka Army

Defender of the Nation

11th July 2022 14:40:57 Hours

121 වන බලසේනාවේ භටපිරිස් වඩිනාගල කඳුවැටියේ හදිසියේ ඇතිවූ ලැව් ගින්නක් මැඩපවත්වයි

වඩිනාගල කඳුවැටියේ පසුගිය සෙනසුරාදා (09) දින හදිසියේ ඇතිවූ ලැව්ගින්නක් පිළිබඳ සැලවු වහාම ක්‍රියාත්මක වු 121 වන බලසේනාවේ භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී පැයකිහිපයක් තුළ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළහ.

ලැව්ගින්න පිළිබඳ සැලවූ විගස ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම උපදෙස් මත 121 වන බලසේනාවේ බලසේනාධිපතිගේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හී අණදෙන නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ පැතිරෙමින් තිබු ලැව්ගින්න ජලය භාවිතා කර මැඩපැවැත්වීමට භටපිරිස් කටයුතු කරනු ලැබූහ.

12 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් මෙම ලැව්ගින්න පාලනය කිරීමට කටයුතු කරනු ලැබූහ.