Header

Sri Lanka Army

Defender of the Nation

11th July 2022 14:43:32 Hours

17 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් වියළි සලාක පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 561 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 17 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ සියලු නිලයින් විසින් මාන්කුලම්, නැදුන්කේනි ප්‍රදේශයේ විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙත සහන සැලසීමේ අරමුණින් ස්වකීය දායකත්වය මත පසුගිය සෙනසුරාදා (2) දින වියළි සලාක පාර්සල් 25 ක් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

එක් වියළි සලාක පාර්සලයක වටිනාකම රුපියල් 2500 ක් වන මෙම වියළි සලාක පාර්සල් සහල්, පරිප්පු, කුළුබඩු සහ සෝයා මීට් ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලින් සමන්විත වූ අතර, යුද්ධ හමුදා සාමාජිකයන් විසින් මෙම වියළි සලාක පාර්සල් ප්‍රතිලාභීන්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන් වෙත පරිත්‍යාග කළහ. පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් ජනතාවගේ දුෂ්කරතාවයන් නිරීක්‍ෂණය කළ භටපිරිස් එම වියළි සලාක පාර්සල් සඳහා අවශ්‍ය පිරිවැය දැරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ.

මෙම ව්‍යාපෘතිය සඳහා 17 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් බී.එල්.ආර් ජයසුන්දර, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.