Header

Sri Lanka Army

Defender of the Nation

07th July 2022 15:48:19 Hours

‘ජ්‍යෙකොනොනි නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලාව - 39’ සාර්ථකව අවසන්

ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ‘ජ්‍යෙකොනොනි නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලාව - 39’ හි සමාප්ති උත්සවය පසුගිය අඟහරුවාදා (5) දින පැවැත්විණි.

ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 79 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සති 03 ක් පුරාවට පැවති මෙම පාඨමාලාවේ සමාප්ති දේශනය අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් රොෂාන් ජයමාන්න විසින් සිදුකරනු ලැබීය. 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සැරයන් ඩබ්ලිව්.ඩී. ඉන්ද්‍රජිත් උදය විසින් පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය හිමිකරගනු ලැබීය.

‘ජ්‍යෙකොනොනි නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලාව - 39’ හි සමාප්ති උත්සවයේදී ඒ සඳහා සහභාගී වූ සියලු සාමාජිකයින් වෙත සහතිකපත් ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා අම්පාර සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී කර්නල් කමල් ද සිල්වා එක්විය.

මෙම පාඨමාලාව තුලින් ප්‍රධාන වශයෙන් නායකත්ව ගුණාංගයන්, වෘත්තිය උසස්වීම් සඳහා වන අපේක්‍ෂාවන්, නායකත්ව ලක්‍ෂණ, ගුණාත්මක හා නිසි තීරණ ගැනීමේ හැකියාව සහ ආදර්ශවත් හැසිරීම ආදි කරුණු පිළිබඳ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් දැනුවත් කරනු ලැබීය.