Header

Sri Lanka Army

Defender of the Nation

07th July 2022 16:29:57 Hours

මෝටර් රථය මාර්ගයේ නතරවීමෙන් අපහසුතාවයට පත් විදේශ ජාතිකයාට යුද්ධ හමුදා භටපිරිස්හී සහයෝගය

ප්‍රමාණවත් තරම් ඉන්ධන නොමැතිව විදේශිකයෙකු ගමන්ගත් මෝටර් රථය මාතර ප්‍රදේශයේ පිහිටි 3 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකා මූලස්ථානය අසළ දී අද (07) දින උදෑසන නතරවීම හේතුවෙන් එම විදේශ ජාතිකයාට ඉන්ධන පිරවුම්හල වෙත යාම සඳහා අවශ්‍ය සහයෝගය එම කඳවුරේ සේවයේ නිරතව සිටි භටපිරිස් විසින් ලබාදුන්හ.

මාර්ගයෙහි හදිසියේ නතර වූ විදේශ ජාතිකයාගේ මෝටර් රථය මාර්ගයෙන් ඉවත් කරගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදී මාර්ගය අවහිර වීම වැළැක්වූ යුද්ධ හමුදා භටපිරිස් මාතර නගරයේ ඇති ළඟම ඉන්ධන පිරවුම්හල වෙත මෝටර් රථය රැගෙන ගොස් ඉන්ධන ලබාගැනීම සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයක් ද සොයාදෙන ලදී.

මෙම යුද්ධ හමුදා කඳවුරේ සේවයේ නිරතව සිටි එක් සොල්දාදුවෙකු තම පෞද්ගලික යතුරුපැදියෙන් ඉන්ධන රැගෙන මෙලෙස අපහසුතාවයට පත්ව සිටි විදේ‍ශ ජාතිකයාට පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී.