Header

Sri Lanka Army

Defender of the Nation

06th July 2022 15:53:03 Hours

යුද්ධ හමුදා භටපිරිස් ලේ දන්දීමට එක්වෙයි

මධ්‍යම රුධිර බැංකුව සඳහා රුධිරය පරිත්‍යාග කිරිමට කොළඹ විශාඛා විද්‍යාලය වෙතින් 2022 ජුලි මස 02 දින එම විද්‍යාල පරිශ්‍රයේදී සංවිධානය කරනු ලැබූ රුධිර පරිත්‍යාග වැඩසටහනක් සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 142 සහ 144 වන බලසේනාවන්ට අනුයුක්තව සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් ඉදිරිපත් වී සිය රුධිරය පරිත්‍යාග කළහ.

ඒ අනුව, එම බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්ගේ උපදෙස් හා පාසලේ ඉල්ලීම මත යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ලේ පරිත්‍යාග කිරීමට කටයුතු කළහ.

දිවයින පුරා රෝහල්වල පවතින උග්‍ර ලේ හිඟය සැලකිල්ලට ගනිමින් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර විසින් මෙම ව්‍යාපෘතිය පැවැත්වීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදුන්නේය.