Header

Sri Lanka Army

Defender of the Nation

06th July 2022 15:58:35 Hours

65 වන සේනාංකයේ සේනාංකාධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ 14 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ පසුගිය සිකුරාදා (01) දින ආගමික වතාවත් හා හමුදා සම්ප්‍රදායානුකූලව තුනුක්කායි පිහිටි 65 වන සේනාංක මූලස්ථානයේදී රාජකාරි භාරගන්නා ලදී.

65 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ වෙත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබුවේය. එම අවස්ථාවට තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.

පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. මෙම අවස්ථාවට බලසේනාධිපතිවරුන්, 65 වන සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයන් කිහිපදෙනෙකු එක්ව සිටියහ.