Header

Sri Lanka Army

Defender of the Nation

05th July 2022 14:06:30 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ශ්‍රී නාග විහාරස්ථානයේ සහ යාපනයේ බිෂොප් මන්දිරයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර 2022 ජූලි මස 4 දින යාපනය ශ්‍රී නාග විහාරස්ථානයේ සහ යාපනයේ බිෂොප් මන්දිරයේ සංචාරයක නිරත වෙමින් මහා සංඝරත්නයේ සහ යාපනය රදගුරු ගරු ආචාර්ය ජස්ටියු බී ඥානප්‍රගාසම් පියතුමන්ගේ ආශිර්වාද ලබාගන්නා ලදී.

පූජ්‍ය මීගහජඳුරේ ශ්‍රී විමලදේව හිමිපාණන්ගේ මෙහෙයවීමෙන් ශ්‍රී නාග විහාරයේ ආගමික වතාවත් පවත්වා නව ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර වෙත ආශිර්වාද එක්කළ අතර ඉන් අනතුරුව, මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර යාපනයේ රදගුරු ආචාර්ය ජස්ටියු බී ඥානප්‍රගාසම් පියතුමන් සමඟ හමුවක් පැවැත්වූ අතර, නව ධූරයේ රාජකාරි නිසි අයුරින් ඉටුකිරීම සඳහා යාඥා කර ආශිර්වාදයන් එක්කරන ලදී.