Header

Sri Lanka Army

Defender of the Nation

05th July 2022 14:11:30 Hours

යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ලැබීමට නියමිත සාමාජිකයින්ට වෘත්තීය මඟපෙන්වීමක්

වසර 22ක සේවා කාලයක් නිමකර 2023 සහ 2024 වර්ෂයන්හීදී විශ්‍රාම යාමට අපේක්‍ෂාවෙන් සිටින යුද්ධ හමුදාවේ සෙසුනිලයන් සඳහා ජුනි මස 20 දින සිටන 25 දින දක්වා කලාඔය ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී විශේෂ වැඩමුළුවක් පැවැත්විණි. මෙම වැඩමුළුවේදී, විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඵලදායී රැකියාවක නිරතවීමේ හැකියාව පිළිබඳව දැනුවත් කරන ලදී.

මෙම වැඩමුළුව සඳහා සෙසුනිලයන් 210 ක් සහභාගී වූ අතර, ඔවුන්ගේ අනාගත අපේක්‍ෂාවන් පිළිබඳ විමසා බැලීමෙන් අනතුරුව සමාජයේ පවතින වෘත්තීය හැකියාවන්ගෙන් යුත් සුදුසුකම්ලාභීන්ගේ හිඟය පියවීමට දායකවිය හැකි ආකාරය පිළිබඳව දැනුවත් කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් සේනක ප්‍රේමවංශ සහ තවත් සම්පත්දායකයින් කිහිපදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුව පවත්වනු ලැබීය.