Header

Sri Lanka Army

Defender of the Nation

05th July 2022 14:13:30 Hours

විගණන කටයුතු පිළිබඳ තවත් දේශනයක්

යුද්ධ හමුදාවට සහ රාජ්‍ය අංශයට අදාළ අභ්‍යන්තර විගණන කටයුතු පිළිබඳ ප්‍රායෝගික දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් 2022 ජුනි මස 22 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී වැඩමුළුවක් පැවැත්විණි.

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ නිලධාරීන් සහ තවත් විගණන නිලධාරීන් කිහිපදෙනෙකු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විගණන අංශයට අනුයුක්තව සිටින යුද්ධ හමුදා නිලධාරීන් සමඟ විගණන පරිචයන් සහ ඒවායේ ක්‍රියා පටිපාටි පිළිබඳ දැනුම බෙදා ගන්නා ලදී.

අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ උපදේශකවරු කිහිපදෙනෙක් ද සම්පත් දායකයින් ලෙස සැසිවාරයට එක්වූහ.