Header

Sri Lanka Army

Defender of the Nation

05th July 2022 14:19:30 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, යාපනය දිස්ත්‍රික් ලේකම් හමුවෙයි

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර 2022 ජූලි මස 4 දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංචාරයක නිරත වෙමින් යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලෙයි මහේෂන් මහතා සමඟ සුහද අදහස් හුවමාරුවක නිරත වූවේය. එහිදී, යාපනය අර්ධද්වීපයේ අවධානයට ලක්වන පොදු පරිපාලන කටයුතු පිළිබඳව කරුණු සාකච්ඡා කරන ලදී.

මෙහිදි අදහස් දක්වමින් යාපනය දිස්ත්‍රික් ලේකම්තුමන් නව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වෙත සුබපැතුම් එක්කළ අතර ග්‍රාම නිලධාරීන් ඇතුළු ග්‍රාමීය මට්ටමේ සියලු පරිපාලක නිලධාරින් සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කරමින් ප්‍රදේශයේ සුමට රාජ්‍ය පරිපාලනයක් පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු සහයෝගය ආරක්‍ෂක හමුදාවන්ට ලබාදෙන බවට සහතික විය. ප්‍රතිසන්ධානය හා සුබසාධන භූමිකාවන් ප්‍රවර්ධනය කිරීම සහ සිවිල් වැසියන් හා හමුදා සාමාජිකයින් අතර සහයෝගීතාවය වැඩිදියුණු කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.