Header

Sri Lanka Army

Defender of the Nation

05th July 2022 14:15:23 Hours

1 වන බලකායේ සාමාජිකයින් වෙනුවෙන් පුහුණු වැඩසටහනක්

1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥාණරත්න ගේ යෝජනාවකට අනුව 1 වන බලකා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භඨකාර්ය සම්පාදන ඒකකයන්හී නිලධාරින්ගේ සහ සෙසුනිලයන්ගේ දැනුම වැඩිදියුණු කිරීම සහ යාවත්කාලීන කිරීමේ අරමුණින් ජුනි මස 23 සිට 25 දින පුහුණු වැඩසටහනක් පැවැත්වීය. එහිදී, වත්මන් සමාජ ප්‍රවණතා සහ දුෂ්කරතා පිළිබඳව ද සාකච්ඡාවට බඳුන් විය.

දේශන සහ ක්‍රියාකාරකම් ඇතුළත් මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 06 දෙනෙකු සහ සෙසුනිලයන් 213 දෙනෙකු සහභාගී විය. මෙම පුහුණු වැඩසටහනේදී, අභ්‍යන්තර ආරක්‍ෂාව, අවදානම් කලාප ඇතුළු ප්‍රධාන ස්ථානයන්හී ආරක්‍ෂාව, ප්‍රභූ ආරක්‍ෂාව, මාර්ග බාධකයන්හී රාජකාරි, ප්‍රචන්ඩකාරී පිරිස් විසුරුවා හැරීම ආදී ක්ෂේත්‍රයන් පිළිබඳව ද මෙහිදී පුහුණු ක්‍රියාකාරකම් සිදුකරන ලදි.

1 වන බළකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් වසන්ත ලියනවඩුගේ විසින් මෙම පුහුණු වැඩසටහනේ සමාරම්භක දේශනය පැවැත්වූ අතර 1 වන බළකා මූලස්ථානයේ පුහුණු අංශය විසින් මෙම වැඩසටහන අධීක්‍ෂණය කරන ලදී.