Header

Sri Lanka Army

Defender of the Nation

05th July 2022 14:23:34 Hours

613 වන බලසේනාවේ සම්බන්ධීකරණයෙන් තවත් වියළි සලාක පරිත්‍යාගයක්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් හා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනාවේ භටපිරිස් විසින් වියළි සලාක පාර්සල් 100 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (03) දින බද්දේගම දුටුගැමුණු විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සම්බන්ධීකරණය මත ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන පරිත්‍යාගශිලියෙකු වන පී.එස් ජාගොඩ මහතා විසින් මෙම වැඩසටහන සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදුන් අතර, ග්‍රාම නිලධාරීන්ගේ සහයෝගය මත එම ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් වෙත විහාරස්ථාන පරිශ්‍රය වෙත ආරාධනා කර මෙම වියළි සලාක පාර්සල් බෙදාදෙන ලදී.

613 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඉන්දික ජයවීර ගේ අධීක්‍ෂණය මත එම බලසේනා මූලස්ථානයේ නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.