Header

Sri Lanka Army

Defender of the Nation

05th July 2022 14:29:11 Hours

ඔරු පැදීමේ තරඟාවලියේ ශූරතාවය යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට

ශ්‍රී ලංකා ඔරු පැදීමේ ජාතික සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ‘ජාතික ඔරු පැදීමේ තරඟාවලිය - 2022’ හී සමස්ථ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිඩකයින් සමත්වූහ.

මෙම තරඟාවලිය 2022 ජුනි මස 3 සිට 5 දින දක්වා දියවන්නාව වැව් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් රන් පදක්කම් 10 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගනිමින් ශූරතාවයට හිමිකම් කීහ.

මේ අතර, රන් පදක්කම් 8 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ජාතික තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ක්‍රීඩිකාවන් ද සමත්වූහ.

පසුගිය වසර කිහිපය තුළ යුද්ධ හමුදා ක්‍රීඩකයින් සියලුම ඉසව්වන්හී ශූරතාව දිනාගනිමින් මෙම තරඟාවලිය අඛණ්ඩව ජයග්‍රහණය කිරීමට සමත් විය.