Header

Sri Lanka Army

Defender of the Nation

04th July 2022 17:09:57 Hours

බ්‍රිගේඩියර් අශෝක අඹන්පොල සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරී අරඹයි

බ්‍රිගේඩියර් අශෝක අඹන්පොල සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 20 වැනි අධ්‍යක්‍ෂ ලෙස ඉකුත් අඟහරුවාදා (28) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ කාර්යාලයේ පැවැති උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී.

නව පත්වීමේ රාජකාරී භාරගැනීම සඳහා කාර්යාලය වෙත සපැමිණි නව අධ්‍යක්‍ෂතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය. පසුව බ්‍රිගේඩියර් අශෝක අඹන්පොල විසින් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සියලුම නිලධාරීන් අමතමින් තමන්ගේ ඉදිරි දැක්ම පිළිබඳ ඔවුන් වෙත කරුණු පැහැදිලි කළේය.

මෙම නව පත්වීමට පෙර බ්‍රිගේඩියර් අශෝක අඹන්පොල ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක ධූරයේ රාජකාරි කරන ලදී.