Header

Sri Lanka Army

Defender of the Nation

03rd July 2022 21:21:10 Hours

කෘෂිකර්මාන්තය නගාසිටුවීම සඳහා මන්නාරම දිස්ත්‍රීක්කයේ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

කෘෂීකාර්මික බෝග වගාවන් යලි ආරම්භ කිරීම සඳහා ගොවි ප්‍රජාවන් දැනුවත් කිරීම සහ දිරිගැන්වීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 562 බලසේනාවේ ඉල්ලීමකට අනුව මන්නාරම, ඉරණෙයිලුප්පයිකුලම් ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක එම්. සජිඩ් මහතා විසින් 2022 ජූනි 30 දින ගොවිජනතාව දැනුවත් කිරිමේ දේශණයක් පවත්වන ලදී. මෙම දේශණය සඳහා මන්නාරම විලාතිකුලම් (MN43) සහ පරසන්කුලම් (MN44) යන ග්‍රාම සේවා වසම්වල පදිංචි ගොවීන් සහභාගී වූහ.

මෙම වැඩසටහන 15 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් සංවිධානය කරනු ලැබු අතර, වැඩසටහන සඳහා ප්‍රදේශ දෙකෙහිම පදිංචි ගොවීන් 52 දෙනෙකු පමණ සහභාගී වූහ. එහිදි ගොවීන්ට කෘෂිකර්මාන්තයේ වැදගත්කම සහ ප්‍රතිඵලදායි අස්වැනු තාක්‍ෂණික ක්‍රමවේදයන් භාවීතා කරන ආකාරය පිළිබද කරුණු පැහැදිලි කළේය. තවද, මෙම වැඩසටහනේදී ගොවීන් ගොවිතැන සඳහා දිරිමත් කිරීමට විවිධ භෝග වර්ග පිළිබඳව දැනුවත් කරන සංයුත්ත තැටි සහ පත්‍රිකා ද ගොවීන් අතර බෙදා දෙන ලදී. වැඩසටහන පැවැත්වූ ස්ථාන දෙකට සහභාගී වූ ගොවිජනතාව සඳහා භටපිරිස් විසින් ආහාරපානවලින් සංග්‍රහ කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා 562 බලසේනාවේ බලසේනාධිපති, 15 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සහ ගොවීන් පිරිසක් සහභාගී වූහ.