Header

Sri Lanka Army

Defender of the Nation

03rd July 2022 21:29:51 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය, ජාතික ආහාර සුරක්‍ෂිතතා වැඩසටහනට දායක වෙයි

යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ආහාර සුරක්‍ෂිතතා වැඩසටහන යටතේ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දරගේ අධීක්‍ෂණය යටතේ යාපනය අර්ධද්වීපයේ යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන යුද්ධ හමුදා ගොවිපළවල විවිධ වර්ගයේ කෙසෙල්, එළවලු සහ වී වගාකිරීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (01) දින ආරම්භ කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දරගේ සහභාගීත්වයෙන් එම ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ මෙම වගා ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබු අතර, ඒ අනුව මෙම වගා ව්‍යාපෘතියට සමගාමීව අක්කරයක පමණ භූමි භාගයක කෙසෙල් පැල සිටුවන ලදී. එමෙන්ම යාපනය අර්ධද්වීපයේ යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන කුඹුරුවල වී වගාව ද ආරම්භ කරන ලදී.