Header

Sri Lanka Army

Defender of the Nation

01st July 2022 14:13:16 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් සම්බන්ධීකරණයෙන් ප්‍රජා සත්කාරක වැඩසටහනක්

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වාගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල දරුවන් සඳහා කිරිපිටි පැකට් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (28) දින ක්‍රියාත්මක කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වාගේ ඉල්ලීමකට අනුව ‘Fonterra Company Ltd’ ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් ගමගේ මහතා මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සඳහා අනුග්‍රහකත්වය දැක්වූ අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් විසින් බඩල්කුබුර, නිශ්ශංක ජාතික පාසලේදී කිරිපිටි පැකට් 400 ක් පරිත්‍යාග කිරීමේ වැඩසටහන සංවිධානය කරන ලදි. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ සහයෝගය ඇතිව එම ප්‍රදේශයේ විවිද දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වල ප්‍රථිලාභීන් තෝරාගන්නා ලදී.

මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් සමන්ත සිල්වා සහභාගි විය.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ දෙවන අණදෙන නිලධාරී, බඩල්කුඹුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, බඩල්කුඹුර නිශ්ශංක ජාතික පාසලේ විදුහල්පති, සෙසු නිලයින් සහ ප්‍රතිලාභී පවුල් වල සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.