Header

Sri Lanka Army

Defender of the Nation

30th June 2022 11:02:34 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව භඨකාර්ය සම්පාදනය පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකාය විසින් සංවිධානය කරන ලද භඨකාර්ය සම්පාදනය පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් කිරිමේ වැඩමුළුවක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායේ සේනාවිධායක මේජර් ජෙනරල් එස්. සෙනරත් යාපා ගේ මගපෙන්වීම යටතේ ඉකුත් බදාදා (28) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකා බහුකාර්ය ශාලාවේදී පවත්වන ලදී. “පවතින ආර්ථික අර්බුදය හමුවේ යුද්ධ හමුදාවේ සම්පත් සහ සේවාවන් පවත්වාගෙන යාම, නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මුහුණ දෙන අභියෝග සහ එයට මුහුණ දෙණ ආකාරය” යන තේමාවන් ඔස්සේ එදින පැවැති ‍මෙම වැඩසටහන මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ ද (Zoom‍) යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් කරන ලදී.

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජේ.ඒ.ආර්.එස්.කේ ජයසේකර විසින් මෙහෙයවනු ලැබු පළමු දේශණයේදී රටේ වත්මන් සහ අනාගත ආර්ථික අභියෝග, අර්බුද කළමනාකරණය සහ යුද්ධ හමුදා නිලධාරීන්ගේ ආකල්ප සංවර්ධනය කරගන්නේ කෙසේද, පවතින අර්බුදය හමුවේ වගකීම් ඉටුකරන ආකාරය සහ SWOT විශ්ලේෂණය හරහා සැලසුම් සකස් කරගන්නා ආකාරය පිළිබද යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් කරන ලදී.

බ්‍රිගේඩියර් භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් එස්.එන්.ඒ.ජේ ආරියසේන සහ කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන කර්නල් ඩී.ඒ සිරිමාන්නගේ විසින් යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ක්‍රියා පිළිවෙත පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් කරන ලදි.

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජේ.ඒ.ආර්.එස්.කේ ජයසේකර විසින් අවසන් දේශණය සිදුකරමින් ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් කරන ලදී. පසුව බ්‍රිගේඩියර් භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් එස්.එන්.ඒ.ජේ ආරියසේන සහ කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන කර්නල් ඩී.ඒ සිරිමාන්නගේ විසින් එම මාතෘකාව සම්බන්ධයෙන් යුද්ධ හමුදා සාමාජිකයන් විසින් පැණ නැගු ප්‍රශ්න වලට අදාළ පිළිතුරු සපයන ලදී.