Header

Sri Lanka Army

Defender of the Nation

30th June 2022 10:02:34 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් සාර්ථක බෝංචි වගාවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ රාජකාරියෙහි නියුුතු භටපිරිස් විසින් කාබනික පොහොර යොදා වගාකර නෙලා ගන්නා ලද බෝංචි අස්වැන්න පසුගිය සඳුදා (27) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු භටපිරිස් අතර, සහනදායක මිලකට බෙදා දෙන ලදී.

දැනට ක්‍රියාත්මක ජාතික වගා සංග්‍රාමයට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වාගේ උපදෙස් මත එම මූලස්ථානය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුව මෙම වගා ව්‍යාපෘතිය මාස කිහිපයකට පෙර ආරම්භ කරන ලදී.

මෙම වගාව තුළින් කිලෝ ග්‍රෑම් 170 කට වඩා වැඩි බෝංචි අස්වැන්නක් නෙලා ගන්නා ලදී.