Header

Sri Lanka Army

Defender of the Nation

30th June 2022 14:32:34 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ 21 වන බලකාධිපති ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර පසුගිය බ්‍රහස්පතින්දා (23) දින ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි භාර ගන්නා ලදී.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර එම බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් මනෝජ් මදුරප්පෙරුම විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, එහිදී භටපිරිස් විසින් හමුදා සමප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය නව බලකාධිපතිතුමන් වෙත පුදකලහ. අනතුරුව, මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරනු ලැබූහ.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු සරඹ භූමියේදී එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය නව බලකාධිපතිතුමන් වෙත පුදකලහ. පසුව, නව බලකාධිපතිතුමන් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේකනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

අනතුරුව, ධූරයේ රාජකාරි භාරගත් නව බලකාධිපතිතුමන් නිලධාරි නිවස්නයේදී නිලධාරීන් සමඟ සුහඳව අදහස් හුවමාරු කරගනු ලැබීය. පසුව, එතුමන් විසින් සියලු නිලයින් අමතනු ලැබු අතර, මෙම අවස්ථාව මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායට අයත් ඒකකයන්හි රාජකාරි කරනු ලබන සියලුම භටපිරිස් සඳහා නැරඹිමට අවස්ථාව හිමිවිය.