Header

Sri Lanka Army

Defender of the Nation

29th June 2022 15:30:08 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පවුල් 650 ක් වෙත වියළි සලාක පාර්සල්

යුද්ධ හමුදාවේ සම්බනධීකරණයෙන් පසුගිය මාස කිහිපය තුළ දිවයින පුරා අඩු ආදායම්ලාභී පවුල් අතර වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සක්‍රීයව දායකත්වය දැක්වූ තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය තලගල සුමනරතන නායක හිමිපාණන්ගේ සහ සිංගප්පූරුවේ ‘Tan Nagak & Kee Meng Leng’ පදනමේ අනුග්‍රාහකත්වය මත මාතර දිස්ත්‍රික්කයේ අවශ්‍යතා සහිත පවුල් අතර වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය දා ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය, දික්වැල්ල - කුඹුරේගොඩ විහාරස්ථාන බලප්‍රදේශය සහ කොටපොල, නාලපේ ප්‍රජා මධ්‍යස්ථාන බලප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 650 ක් සඳහා වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහන් ජූනි මස 23 සහ 24 දෙදින තුළ අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක ගේ මගපෙන්වීම සහ 613 වන බලසේනාවේ භටපිරිස්හී සම්බන්ධීකරණයෙන් 613 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.වී.අයි.එල් ජයවීර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ගේ සහයෝගය ඇතිව සිදුකරන ලදී.