Header

Sri Lanka Army

Defender of the Nation

29th June 2022 14:14:35 Hours

වෘත්තීමය යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය පිරිනැමීමේ හැකියාව පිළිබඳ සාකච්ඡාවක්

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය වෙතින් පිරිනමනු ලබන ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය වෘත්තීමය යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ලබාදීමේ හැකියාව පිළිබඳ සොයාබැලීම සඳහා පසුගිය දා කොස්ගම පිහිටි යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියේ නිලධාරින් සමඟ පැවති මෙම සාකච්ඡාව සඳහා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ප්‍රමුඛ දිවයින පුරා ස්ථාපිත යුද්ධ හමුදා පුහුණු පාසල්වල සේනාවිධායකවරුන් සහභාගී වූහ. මෙම සාකච්ඡාවේදි වෘත්තීමය යුද්ධ හමුදා සාමාජිකයින් සතු සුවිශේෂී තාක්‍ෂණික දැනුම සහ වෘත්තීය නිපුණතාවයන් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියේ නිලධාරින්ගේ අධීක්‍ෂණයට යොමුකළ අතර එම වෘත්තීමය යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය ප්‍රදානය කිරීම මෙන්ම විශේෂයෙන් එම යුද්ධ හමුදා සාමාජිකයින් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම සහතිකය ඵලදායී අයුරින් භාවිත කිරීමේ හැකියාව පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාව සඳහා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරියේ සභාපති තරංග නිලාම් ගම්ලත් මහතා, කාර්මික ක්ෂේත්‍රයේ අධ්‍යක්‍ෂ මේජර් ප්‍රසන්න චන්ද්‍රසිරි (විශ්‍රාමික), සැලසුම් අධ්‍යක්‍ෂ ඉංජිනේරු රොහාන් රෝද්‍රිගෝ මහතා, උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහින්ද රූපසිංහ මහතා, සහකාර අධ්‍යක්‍ෂ එම්. ජයසිංහ මහතා හා එම්. නිශාන්ත මහතා, ඇතුළු තවත් නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.