Header

Sri Lanka Army

Defender of the Nation

27th June 2022 12:15:11 Hours

ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙත යුද්ධ හමුදාව සම්බන්ධීකරණයෙන් සලාක පාර්සල්

211 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රාහකත්වය ඇතිව ඖෂධපිටිය, ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ දැඩි ආර්ථීක දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන අඩු ආදායම් ලාභී පවුල් 55 ක් සඳහා පසුගිය සඳුදා (27) දින පිසින ලද ආහාර පාර්සල් සහ වියළි සලාක පාර්සල් බෙදාදෙන ලදී.

211 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද විජයරත්න ගේ උපදෙස් මත භටපිරිස් සලාක පාර්සල් බෙදාදීම සඳහා සහභාගී වූහ.

මෙම ප්‍රජා මූලික වැඩසටහන සඳහා ව්‍යාපාරික සමන් ගුණතිලක මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් අනුග්‍රාහකත්වය දක්වන ලද අතර, සලාක පාර්සල් බෙදාදීමේ අවස්ථාව සඳහා 211 බලසේනාවේ බලසේනාධිපති, නිලධාරීන්, සෙසු නිලයින් සහ 2 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ඇතුළු එම ඒකකයේ සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වූහ.