Header

Sri Lanka Army

Defender of the Nation

27th June 2022 21:00:19 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරනයෙන් ගැබිනි කාන්තාවන් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 521 වන බලසේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් මිරුසුවිල් ප්‍රදේශයේ පදිංචි අවශ්‍යතා සහිත ගැබිණි කාන්තාවන් පනස් දෙනෙකු වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු රුපියල් 5000.00 පමණ වටිනාකමකින් යුත් එක් පාර්සලය බැගින් පසුගිය සෙනසුරාදා (25) දින පරිත්‍යාග කරනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති සහ 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු ගේ ඉල්ලීමකට අනුව කැනඩාවේ වෙසෙන රජිකරන් ෂන්මුගරත්නම් මහතා විසින් සත්කාරකත්වය දක්වන ලදී. 521 බලසේනාවේ බලසේනාධිපති, බ්‍රිගේඩියර් එම් එම් සල්වතුර සහ 521 බලසේනාවේ සියලු නිලධාරීන්, ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීන්ගේ සහයෝගය ඇතිව මෙම පරිත්‍යාග වැඩසටහන පවත්වන ලදී.

11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සංහිඳියාව සහ සහජීවනය පිළිඹිබු කරමින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු, වඩමාරච්චි උතුර සහ පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම් අල්වා පිල්ලෙයි ශ්‍රී, පේදුරුතුඩුව සහකාර පොලිස් අධිකාරී සුජීව් ඉද්දමල්ගොඩ ඇතුළු ආරාධිතයන් රැසක් එක්ව සිටියහ.