Header

Sri Lanka Army

Defender of the Nation

27th June 2022 21:45:19 Hours

අපේක්‍ෂා රෝහල වෙත ‘Blood Culture Bottles’ තොගයක්‌ පරිත්‍යාග කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාධ්‍ය උපදේශක වශයෙන් රාජකාරි කරනු ලබන සිසිර විජේසිංහ මහතා සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත මහරගම අපේක්‍ෂා රෝහල් කාර්ය මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම රෝහලේ ප්‍රතිකාර ලබන වැඩිහිටියන් සහ ළමුන් සඳහා අත්‍යාවශ්‍යවන ‘Blood Culture Bottles’ තොගයක් පසුගිය සඳුදා (27) දින පරිත්‍යාග කරන ලදී.

සිසිර විජේසිංහ මහතා සහ කුසුමා ඉලුක්කුඹුර මහත්මිය විසින් රුපියල් 165,000.00 කට වඩා වැඩි වටිනාකමකින් යුත් මෙම ‘Bactec plus & Peds’ තොගය අපේක්‍ෂා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ලලිත් පද්දල්ගොඩ සහ එම රෝහලේ ක්ෂුද්‍ර ජීව විද්‍යා විශේෂඥ වෛද්‍ය සමන්මලී ගුණසේකර මහත්මිය වෙත භාරදුන් අතර, එහිදී ඔවුන් මෙම පරිත්‍යාගය වෙනුවෙන් පරිත්‍යාගශීලින් වෙත වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කෘතඥතාවය පළකරනු ලැබු අතර එම අවස්ථාව සඳහා වෛද්‍ය ෂර්ලි ඉලුක්කුඹුර විජේසිංහ මහත්මියද සහභාගී වූයේය.

සිසිර විජේසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව ඖෂධ හා සෞඛ්‍ය කළමනාකරණ උපදේශක වෛද්‍ය සංජය පෙරේරා මහතා විසින් එම පරිත්‍යාග වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලැබු අතර, රෝහලේ ප්‍රථිකාර ලබන රෝගීන්ගේ රුධිරයෙහි ක්ෂුද්‍ර ජීවීන් රෝපනය සහ එම ක්ෂුද්‍ර ජීවීන් වර්ගය හදුනා ගැනීමට අවශ්‍ය ක්‍රියාවලියන් සිදුකිරීම සඳහා මෙම ‘Blood Culture Bottles’ භාවිතා කරනු ලබයි.