Header

Sri Lanka Army

Defender of the Nation

26th June 2022 18:04:59 Hours

කිලිනොච්චි භටපිරිස් රුධිරය පරිත්‍යාග කරයි

කිලිනොච්චිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ හදිසි රුධිර අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ හමුදා සාමාජිකයන් 65 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් කිලිනොච්චිය ප්‍රදේශයේ ‘Mas Intimates Pvt Limited’ විසින් සංවිධානය කරන ලද රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වී රුධිරය පරිත්‍යාග කරන ලදී.

මෙම රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන කිලිනොච්චිය මූලික රෝහල් පරිශ්‍රයේ පිහිටි සමූපකාර ගොඩනැගිල්ලේදී පසුගිය බ්‍රහස්පතින්දා (23) දින පවත්වන ලදී.

57 වන සේනාංකයේ සහ එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හි රාජකාරියෙහි නියුතු භටපිරිස් ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ යහපත උදෙසා මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා සම්බන්ධ වූහ.