Header

Sri Lanka Army

Defender of the Nation

22nd June 2022 21:00:26 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු (කාලතුවක්කු) බලඇණිය වෙතින් ප්‍රථිසංස්කරණය කරන ලද පවුන්ඩර් 25 වර්ගයේ කාලතුවක්කු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු (කාලතුවක්කු) බලඇණිය මගින් ප්‍රතිසංස්කරණය කරන ලද පවුන්ඩර් 25 වර්ගයේ කාලතුවක්කු හතක් පසුගිය සිකුරාදා (17) දින ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සරඹ භූමියේදී පැවති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ සහභාගී විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ගේ හා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු (කාලතුවක්කු) බලඇණියේ අණදෙන නිලධාරි මේජර් ඒ.එම්.වී.ඒ. අත්තනායක ගේ උපදෙස් මත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කාර්මික විශේෂඥයින් විසින් සිදුකරනු ලැබූ මෙම කාලතුවක්කු ප්‍රථිසංස්කරණ වැඩසටහන මගින් යුද්ධ හමුදාව වෙත විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරිකර දීමට හැකියාව ලැබීය.

මෙලෙස ප්‍රථිසංස්කරණය කරන ලද කාල තුවක්කු නැවත භාරදීමේ අවස්ථාව සඳහා ආරාධිත අමුත්තන් ලෙස විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර, කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.පී. වෙලගෙදර, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.කේ. රොහාන්, පිරිස් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් (උත්සව) කර්නල් එම්.පී.එස්.පී කුලසේකර යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද සහභාගී වූහ.