Header

Sri Lanka Army

Defender of the Nation

22nd June 2022 18:14:23 Hours

‘ජෛව විවිධත්වය සහ හරිත කෘෂිකාර්මික සංකල්ප’ පිළිබඳ භටපිරිස් දැනුවත් කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ ඉල්ලීමකට අනුව පරිසරවේදී මහාචාර්ය පී. නිහාල් දයාවංශ, ජගත් ගුණවර්ධන සහ චන්න ඒකනායක යන මහත්වරුන් විසින් පසුගිය සඳුදා (21) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සෙසුනිල භෝජනාගාරයේදී ‘ජෛව විවිධත්වය සහ හරිත කෘෂිකාර්මික සංකල්ප’ යන තේමාව ඔස්සේ භටපිරිස් දැනුවත් කරන ලදී.

එමෙන්ම, පරිසරවේදී මහාචාර්ය පී. නිහාල් දයාවංශ මහතා, ජගත් ගුණවර්ධන මහතා සහ චන්න ඒකනායක මහතා විසින් ශ්‍රී ලංකාවේ පරිසරය සුරැකීම සඳහා පිහිටුවා ඇති පාරිසරය ආරක්‍ෂා කිරීම පිළිබඳ පවතින නීති, හරිත සංකල්පය සහ පරිසර සංරක්‍ෂණය ආදී කරුණු පිළිබඳව ද මෙම දේශනයේදී දැනුවත් කිරීමක් සිදුකරනු ලැබූහ.

ජෛව විවිධත්වය ආරක්‍ෂා කිරීමේ වැදගත්කම පිළිබඳ පැහැදිලි කිරීමෙන් අනතුරුව මෙම වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස කඳවුරු පරිශ්‍රය හරිත පරිසරයක් බවට පත්කිරීම සඳහා වන නව ප්‍රවේශයන් පිළිබඳ පැහැදිලි කරමින් ‘Seven Lessons of Nature’ හඳුන්වාදීමෙන් අනතුරුව කඳවුරු පරිශ්‍රය තුළ වෙසෙන සත්ව ප්‍රජාව සහ පරිසර පද්ධතිය සංරක්‍ෂණය පිළිබඳව භටපිරිස් දැනුවත් කිරීමේ අරමුණින් ක්ෂේත්‍ර චාරිකාවක් ද සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ශේන් ගුණවර්ධන ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.