Header

Sri Lanka Army

Defender of the Nation

21st June 2022 11:58:30 Hours

පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය නිමිති කරගනිමින් 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවෙන් වැඩසටහනක් මාලාවක්

පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් දීඝවාපි විහාරස්ථානය වැඳපුදා ගැනීමට පැමිණි බැතිමතුන්ගේ පිපාසය සංසිඳුවාලීමේ අරමුණින් අම්පාර, නීත්ත ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේදී කොත්තමල්ලි දන්සැලක් සහ එරගම යුද්ධ හමුදා කඳවුර ඉදිරිපිට බෙලිමල් දන්සැලක් පවත්වන ලදී. එහිදී පැමිණි බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් බෝධි පූජා පිංකමක්ද පැවැත්වූහ.

දීඝවාපි පුදබිම අසල පැවති බෙලිමක් දන්සැල සඳහා බැතිමතුන් 2500 කට අධික පිරිසක් සහභාගී වූ අතර, නීත්ත ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ පැවති බෝධි පූජා පිංකම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් ඇතුළු ගිහි පැවිදි විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ. එහිදී නීත්ත ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන් විසින් ඉතා වටිනා ධර්ම දේශනාවක් සිදුකරමින් මානූෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙත පිං අනුමෝදන් කරමින් එම ප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස්හී කාර්යභාරය ඇගයීමට ලක් කරන ලදී.