Header

Sri Lanka Army

Defender of the Nation

21st June 2022 12:58:30 Hours

පෙරපාසල් ළමුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 562 වන බලසේනාවේ භටපිරිස්හී අනුග්‍රාහකත්වය මත ඉච්චන්කුලම් ප්‍රදේශයේ පිහිටි ඉච්චන්කුලම් පෙරපාසලේ වාර්ශික ක්‍රීඩා උළෙල 2022 ජුනි මස 17 දින පැවති අතර එම ක්‍රීඩා උත්සවය අතරතුර යුද්ධ හමුදා භටපිරිස් විසින් පෙරපාසල් ළමුන් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.

යුද්ධ හමුදා සාමාජිකයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් අතර සුහදත්වය සහ සහජීවනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පෙරපාසල් ළමුන්, ගුරුවරුන් සහ දෙමාපියන් දහසය දෙනෙකුට පමණ යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම දිවා භෝජන සංග්‍රහය පිරිනැමූහ.

මෙම වැසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ, 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන් ලියනගේ සහ 562 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජේ.එම්.ඒ ජයසේකර විසින් සිය මඟපෙන්වීම් ලබාදුන්හ.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගී වූහ.