Header

Sri Lanka Army

Defender of the Nation

22nd June 2022 12:46:01 Hours

අම්පාර ප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන්ට වියළි සලාක පරිත්‍යාගයක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිනී සුජීවා නෙල්සන් මැතිණිය සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් පරිත්‍යාග කරනු ලැබූ වියළි සලාක පාර්සල් තොගයක් පසුගිය දා අම්පාර ප්‍රදේශයේ වෙසෙන පවුල් 25 ක් වෙත බෙදාදෙන ලදී.

24 වන සේනාංකයේ සම්බන්ධීකරණය මත එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරින් සමඟ සාකච්ඡා කර මෙම වැඩසටහන සංවිධානය කිරීමෙන් අනතුරුව පසුගිය සඳුදා (13) දින අම්පාර ප්‍රදේශයේ පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී වියලි සලාක පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගම විසින් මෙම වැඩසටහනේ අධීක්‍ෂණ කටයුතු සිදුකරන ලදී. මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 24 වන සේනාංකයේ සේනාංකාධිපති, 241 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍ර අබේකෝන්, එම බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ඇතුළු නිලධාරීන් පිරිසක් එක්වූහ.