Header

Sri Lanka Army

Defender of the Nation

21st June 2022 14:30:36 Hours

නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් 12 වන සේනාංකයෙන් නව නිවසක්

කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේතුමාගේ මුල්‍යමය අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 වන බලසේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ තාක්‍ෂණික දැනුම සහ ඉංජිනේරු විශේෂඥතාව උපයෝගී කරගනිමින් තිස්සමහාරාම, කාවන්තිස්සපුර ප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය ඉරිදා (19) දින පැවති චාම් උත්සවයකදී නිවාසලාභීන් වෙත පවරාදෙන ලදි.

නිවාස ප්‍රථිලාභී පවුලේ ජීවන තත්ත්වය පිළිබඳව 122 වන බලසේනාවට සැලවීමෙන් අනතුරුව ඒ පිළිබඳව 12 වන සේනාංකය දැනුවත් කිරීමෙන් පසුව එම සේනාංකයේ අධීක්‍ෂණය යටතේ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් නිවසේ ඉදිකිරීම් කටයුතු ඉතා කෙටි කාලයක් තුළ සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබීය.

මෙම නව නිවස විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා අනුග්‍රාහක භවතා සහ 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල සහභාගී වූ අතර, ආගමික වතාවත් සහ අනෙකුත් චාරිත්‍ර මධ්‍යයේ නව නිවස විවෘත කරන ලදී. මෙම අවස්ථාවේදී නව නිවසට අවශ්‍ය ගෘහභාණ්ඩ කිහිපයක් ද නිවාසලාභී පවුලේ සාමාජිකයින් වෙත පරිත්‍යාග කරන ලදී.