Header

Sri Lanka Army

Defender of the Nation

21st June 2022 10:50:06 Hours

සියලු නිලයන්ගේ පුද්ගලික සංවර්ධනය සහ අභිප්‍රේරණය පිළිබඳ දේශනයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 49 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා රාජකාරි භාරගැනීමෙන් අනතුරුව සිය ඉදිරි සැලසුම් ප්‍රකාශයට පත්කරමින් පසුගිය සිකුරාදා (17) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී ‘සියලු නිලයන්ගේ පුද්ගලික සංවර්ධනය සහ අභිප්‍රේරණය’ යන තේමාව ඔස්සේ සිය මංගල දේශනය පැවැත්වීය.

එහිදී, වගකීම් ඉටු කිරීමට සහ කාර්යක්‍ෂමව හා ඵලදායි ලෙස රාජකාරි ඉටු කිරීමට භාවිතා කරන සරල හා ඵලදායී මෙවලමක් වන ‘PACE’ පුද්ගල සංවර්ධනයේ මූලික සිද්ධාන්තයන් සහ සැලසුම්කරණයේ මූලික සිද්ධාන්ත පිළිබඳ අවධානය යොමුකරමින් සිය දේශනය පවත්වන ලදී. වෘත්තීමය වශයෙන් හමුදා ජීවිතය සාර්ථක කරගැනීම සඳහා ප්‍රාථමික, විකල්ප සහ කඩිනම් ක්‍රියාමාර්ග තුළින් සැලැස්මක් සකස් කරගැනීමේ වැදගත්කම පිළිබඳව එතුමන් එහිදී අවධාරණය කරන ලදී.

මෙම දේශනය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.