Header

Sri Lanka Army

Defender of the Nation

21st June 2022 10:56:05 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය 26 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ මූලිකත්වයෙන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 26 වන සංවත්සරයට සමගාමීව පසුගිය ඉරිදා (19) දින වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.

මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර විසින් සංවත්සර දිනයට පෙර දින (18) දේශනයක් සිදුකරමින් ආරක්‍ෂක සේනා මූලස්ථාන- යාපනය ආරම්භයේ සිට මේ දක්වා වූ ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් කීපයක්ද සිහිපත් කරමින් එම කාල සීමාව තුල භටපිරිස් විසින් සිදුකරනු ලැබූ කැපකිරීම පිළිබඳව සිහිපත් කළ අතර, යාපනය අර්ධද්වීපයේ පවතින සාමකාමී තත්ත්වය පවත්වාගෙන යාමේ වැදගත්කමද මෙහිදී සිහිපත් කරන ලදී. එමෙන්ම යුද්ධ හමුදා භටපිරිස්හි විනය උසස් මට්ටමෙන් පවත්වාගෙන යාමේ ඇති වැදගත්කම පිළිබඳ පැහැදිලි කළ එතුමන්, භටපිරිස් සඳහා සුබසාධන කටයුතු ඉහල නැංවීමට අවැසි ක්‍රියාමාර්ගයන් ඉදිරියටද ගනුලබන බව වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

සංවත්සර දිනයේදී ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර වෙත 9 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකල අතර, ඉන් අනතුරුව සම්මාන මුරයේ ගෞරවාචාරයද එතුමන් වෙත පුදකරනු ලැබූහ.

සංවත්සර දිනයට සමගාමීව පවත්වන ලද සියළු නිල දිවා භෝජන සංග්‍රහය සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ඇතුළු පිරිසක් එක්වූහ.