Header

Sri Lanka Army

Defender of the Nation

21st June 2022 10:15:48 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් කෝකිලායි ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් වෙත වියළි සලාක පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 593 වන බලසේනාවේ භටපිරිස්හි ඉල්ලීමකට අනුව තලගල සුමනරතන නායක හිමිපාණන් ප්‍රමුඛ ‘තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම’ සහ සිංගප්පූරුවේ ‘Tan Ngak Buay & Meng Lang’ පදනම එක්ව පසුගිය අඟහරුවාදා (14) දින කෝකිලායි රජයේ දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රයේදී කෝකිලායි ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් 400 ක් වෙත වියළි සලාක පාර්සල් 400 ක් බෙදාදෙන ලදී.  

තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ සිංගප්පූරුවේ ‘Tan Ngak Buay & Meng Lang’ පදනම එක්ව මානුෂීය වැඩසටහන් ලෙස මෙවැනි ව්‍යාපෘතීන් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබයි.  

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සඳහා 59 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 593 වන බලසේනාවේ බලසේනාධිපති ද සහභාගී වූහ.