Header

Sri Lanka Army

Defender of the Nation

21st June 2022 10:36:17 Hours

532 වන බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් ගැබිණි කාන්තාවන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරයි

පොසොන් පුර පසළොස්වක පොහොය දින නිමිත්තෙන් පසුගිය අඟහරුවාදා (14) දින 53 වන සේනාංකය යටතේ ස්ථාපිත 532 වන බලසේනාවේ භටපිරිස් විසින් ‘යුතුකම’ පුණ්‍යායතනයේ අනුග්‍රාහකත්වය මත දෙහිඅත්තකණ්ඩිය, මාවනගම ප්‍රදේශයේ පදිංචි ගර්භනී කාන්තාවන් 15 දෙනෙකු වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

532 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.පී වික්‍රමසේකර ගේ ඉල්ලීමකට අනුව ‘යුතුකම’ පුණ්‍යායතනය විසින් මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය ලබාදෙන ලදී.

532 වන බලසේනාවේ බලසේනාධිපති, එම බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, සෙසුනිලයින් සහ ‘යුතුකම’ පුණ්‍යායතනයේ නියෝජිතයින් පිරිසක්ද මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ.