Header

Sri Lanka Army

Defender of the Nation

19th June 2022 18:30:14 Hours

යුද්ධ හමුදා භටපිරිස් බඩල්කුඹුර ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් වෙත වියළි සලාක පාර්සල් පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ ඉල්ලීමකට අනුව ඇමරිකාවේ පදිංචි කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අනුක් මහතාගේ පූර්ණ අනුග්‍රාහකත්වය මත බඩල්කුඹුර ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් කිහිපයක් වෙත වියළි සලාක පාර්සල් 200 ක් බෙදාදීමේ වැඩසටහනක් 2022 ජුනි මස 12 දින බඩල්කුඹුර සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී 7 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් විසින් එම වියළි සලාක පාර්සල් බෙදාදෙනු ලැබූහ. එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්වූහ.