Header

Sri Lanka Army

Defender of the Nation

19th June 2022 17:02:14 Hours

නව වත්කම් කළමණාකරණ අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි වත්කම් කළමණාකරණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් කීර්ති පැරකුම් පසුගිය සිකුරාදා (17) දින තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ගේ සහභාගීත්වයෙන් පැවති චාම් උත්සවයකදී නව ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

එහිදී, බ්‍රිගේඩියර් කේ.කේ.එස්. පැරකුම් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී. මෙම අවස්ථාවට වත්කම් කළමණාකරන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.

මීට ප්‍රථම මෙම ධූරය හෙබවූ බ්‍රිගේඩියර් එස්.ජේ. ප්‍රියදර්ශන 66 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් කීර්ති පැරකුම් මෙම ධූරය සඳහා පත්කෙරිණි.