Header

Sri Lanka Army

Defender of the Nation

19th June 2022 18:00:14 Hours

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරින් වෙත දැනුවත් කිරීමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලා අංක - 16 හි ශිෂ්‍ය නිලධාරින් පිරිසක් පසුගිය දා මින්නේරිය ප්‍රදේශයේ සංචාරයක් සිදුකළ අතර එහිදී, ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර සේවයේ නියුතු භටපිරිස්, ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හී අණදෙන නිලධාරින් සහ මාණ්ඩලික නිලධාරීන් සමඟින් එක්ව එම සංචාරයේ නිරත ශිෂ්‍ය නිලධාරින් වෙත පරිපාලන කටයුතු පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදී.

2022 ජූනි මස 7 දින සිදුකරනු ලැබූ මෙම සංචාරය සඳහා භඨකාර්ය සම්පාදන පාඨමාලා අංක - 8 හි විදේශීය නිලධාරීන් දෙදෙනෙකු ද එක්වූහ.

අදාළ බලප්‍රදේශයන්හී පිහිටි ඒකකයන්හී අණදෙන නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් විසින් ප්‍රාදේශීය පරිපාලන බලප්‍රදේශයන්හී රාජකාරි කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව පාඨමාලා දෙකෙහිම ශිෂ්‍ය නිලධාරින් දැනුවත් කරන ලදී. ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුගත් රත්නායක විසින් මෙම වැඩසටහන සම්පූර්ණ අධීක්‍ෂණය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් නිශාන්ත හේරත් සහ යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඊ.එම්.එම්. ප්‍රනාන්දු ද සහභාගි වූහ.