Header

Sri Lanka Army

Defender of the Nation

19th June 2022 19:00:14 Hours

යුද්ධ හමුදා සම්බන්ධීකරණය මත තවත් පරිත්‍යාග වැඩසටහනක්

ඕස්ට්‍රේලියාවේ ‘නෙත්සරණ’ පදනමේ අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 232 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් වාකරේ පිහිටි පුනානි, වාලච්චේන, කිරාන්, චෙන්කලඩි, ඉලුප්පඩිච්චේනයි සහ තොප්පිගල ප්‍රදේශවල වෙසෙන අවශ්‍යතා සහිත පවුල් 600 ක් වෙත ඇස් කණ්ණාඩි 1000 ක් සහ වියළි සලාක පාර්සල් 50 ක් බෙදාදීමේ වැඩසටහනක් 2022 ජූනි මස 04 දින ක්‍රියාත්මක කරන ලදී.

මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශිවන්ත කුලතුංග ගේ සුරතින් මෙම වැඩසටහන අතරතුර එම ප්‍රදේශයන්හී තෝරාගත් අවශ්‍යතා සහිත පාසල් 10 ක් සඳහා අධ්‍යාපනික වටිනාකමකින් යුත් කියවීමේ හා ලිවීමේ පොත් පාර්සල් 10 ක් පරිත්‍යාග කරන ලදී. එමෙන්ම, මෙම වැඩසටහන සංවිධානය කිරීම ඇගයීමට ලක්කරමින් එම අවස්ථාවේදී යුද්ධ හමුදා සාමාජිකයින් 140 දෙනෙකු වෙත වෛද්‍ය ප්‍රතිකාර සහ උපැස් යුවල් ද පරිත්‍යාග කරන ලදී. මෙම වැඩසටහන පුලිපන්චිකල් ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පැවැත්විණි.

232 වන බලසේනාවේ භටපිරිස් පොලිසියේ සහයෝගය ඇතිව ග්‍රාම නිලධාරීන් සහ සිවිල් වැසියන් දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය මත ඕස්ට්‍රේලියාවේ ‘නෙත්සරණ’ පදනම වෙතින් මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා 23 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් මෙන්ම ඕස්ට්‍රේලියාවේ ‘නෙත්සරණ’ පදනමේ සභාපතිනි ලකී ගුණසිංහ මහත්මිය, 23 වන සේනාංකයේ හා 232 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරීන් සහ 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරිතුමන් ද එක්වූහ.