Header

Sri Lanka Army

Defender of the Nation

05th June 2022 17:20:02 Hours

CIMIC උද්‍යානයේ දී පාසල් සිසු සිසුවියන් සහ ඔවුනගේ දෙමව්පියන් වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක්

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 513 වන බලසේනාව විසින් පසුගිය දා විවෘත කරනු ලැබූ CIMIC උද්‍යානයේ දී පාසල් සිසු සිසුවියන් 150 දෙනෙකු සහ ඔවුන්ගේ දෙමව්පියන් වෙත මැයි මස 22 දින රාත්‍රි භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.

51 වන සේනාංක මුලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස් විසින් ස්වෙච්ඡාවෙන් සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන යටතේ කෝපායි පිහිටි සෙල්වපුරම්, යෝගපුරම් සහ පල්පන්නි ප්‍රදේශවල අවශ්‍යතා සහිත සිවිල් වැසියන් වෙනුවෙන් මෙම රාත්‍රි භෝජන සංග්‍රහය පිරිනමන ලදී.

මෙම වැසටහනට සමගාමීව 513 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රිස්වි රාසික් සහ 51 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් අනාස් අහමඩ් විසින් ශ්‍රී ලංකාවේ ජන විකාශනය, විවිධ ජනවාර්ගික කණ්ඩායම් අතර සාම්ප්‍රදායික ඇඳුම් පැළඳූම් හා සිරිත් විරිත්, පුද්ගල චර්යාවන් හා ආහාර සිරිත් විරිත් පිළිබඳ දේශනයක් ද පැවැත්වීය.

CIMIC උද්‍යානයේ ප්‍රථම වරට ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා නව යුද සේවා ලේකම් ලෙස රාජකාරි භාරගැනීමට නියමිත 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ සහභාගී වූවේය.