Header

Sri Lanka Army

Defender of the Nation

31st May 2022 13:53:25 Hours

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට

2022 ජූනි මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි නව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත් වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ සුරතින් අද (31) දින පෙරවරුවේ පත්වීම් ලිපිය භාරදුන්නේය.

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මේ දක්වා වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ධූරය හොබවනු ලැබු අතර, 23 වන යුද්ධ හමුදාධිපති ලෙස ද රාජකාරි හෙබවූ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් අඟහරුවාදා (31) දින නිල වශයෙන් යුද්ධ හමුදාධිපති ධූරයෙන් නික්ම ගියේය.