Header

Sri Lanka Army

Defender of the Nation

31st May 2022 14:23:33 Hours

නව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පත්වීම් ලිපිය භාරදෙයි

නව යුද්ධ හමුදාධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ අද (31) දින පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ සුරතින් යුද්ධ හමුදාධිපති ධූරයේ පත්වීම් ලිපිය භාරගන්නා ලදී.

ඒ අනුව, යුද්ධ හමුදා මූලස්ථානයේදී බදාදා (1) දින පැවැත්වීමට නියමිත උත්සවයකදී මේජර් ජෙනරල් විකුම් ලියනගේ නව ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිතව ඇත. යුද්ධ හමුදාධිපති ධූරයට පත්වීම ලබන විට හෙතෙම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයේ රාජකාරි කරන ලදී.

යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි හෙබවූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් විකුම් ලියනගේ නව යුද්ධ හමුදාධිපති ධූරය සඳහා පත්විය.